උණුහුම
සඳවත දුටුවම දැනෙනා උණුහුම
අනෙක් අයට දැනුනේ නැතුවා
තරුකැට පරදන නුඹෙ ඔය උවනත
මගෙමයි මටමයි මට හැඟුණා
සඳරැස් වැටිලා මා ගත දැවටී
උණුහුම මා හද තුළ රන්දා
සඳ පිණි දිය ගෙන දොවමි මගේ මල
කියයි නුඹේ නෙතු මා රන්දා
දුටිමි නුඹේ ළය තුළ ගැබ් ගන්නා
ආලය මට දුන්නේ නැතුවා
සඳේ නුඹේ ඔය දිලිසෙන නෙතඟට
මා දෙව්දුව වෙන්නේ නැතුවා


No comments:
Post a Comment