Friday, 27 August 2021

ඒ ආදරේ....

 


හදවතින්  උතුරන 

නෙත් අගින් දිදුලන

කිසිවකුට නොදෙමී

ඒ ආදරේ


දැවි දැවී හිනැහෙන

නිවි නිවී මතුවන

සංසාර බන්ධනේ

ඒ ආදරේ


ලං ලං ම වී හිදිනා

ආයේ ආයේ බැදෙනා 

සිරගත සුසුම් පොදකි

ඒ ආදරේ


- ශ්‍රීමාලී සෙනෙවිරත්න-

Tuesday, 9 February 2021

මේක වෙන්නැති ආදරේ

 

කඳුළු  මත තනිවී

සිටින විට තනිකමෙනී

කොයිසිට ආදැයි නොදනිමී

පෙර බැඳීමක් වෙන්නැතී


අසා දෙනුවන නොපියාම

මාගේ සිත තුටු වුනා බෝම

සෙමින් මගෙ වෙන නිසාම

ලොවම ලැබුණා වගෙයි සාම


අඬ දබර නම් ඇති තරම්

ඇසිල්ලෙන් යයි නැතිවී නම්

ආත්මෙන් බැඳි ප්‍රේමයන්

දමා නොයාවී ආලයන්


නිමක් නොවෙනා සාගරේ

අවාරෙක පිපි මලක් සේ

සදා රැකෙනා මා කෙරේ  

මේක වෙන්නැති ආදරේ       



-ShrimaliS-  

Friday, 1 January 2021

ප්‍රේමයේ දුනු හී අරන්



මලානික සඳ බුබුළුවාවිත්

ප්‍රේමයේ දුනු හී අරන්

දිනක හමුවේවී සිතා නුඹ 

සිතින් පෙම් බස් දොඩයි නම්


සඳ එළිය මත දහස් ගණනක්

නුඹ නමින් පෙම් කරයි නම්

හදවතක සිරවුන සෙනේ ඉවසා

දරයි ඈ නුඹ නමින්


නුඹෙ ළයේ දැවටී ගිලී

ශෘංගාර රස උතුරා ගියත්

සසර සරණා තුරාවට නුඹ

ඇගේ දැයි නොදනි ඈ  නම්


සඳට පෙම් බැන්දේ එදා

ඒ තරු මලම මිස ඈ නොවෙත්

මෙදා තරුමල නුබේ අභියස

ප්‍රේමයේ ඇලලී ගොසින්


-2014-