හදවතින් උතුරන
නෙත් අගින් දිදුලන
කිසිවකුට නොදෙමී
ඒ ආදරේ
දැවි දැවී හිනැහෙන
නිවි නිවී මතුවන
සංසාර බන්ධනේ
ඒ ආදරේ
ලං ලං ම වී හිදිනා
ආයේ ආයේ බැදෙනා
සිරගත සුසුම් පොදකි
ඒ ආදරේ
- ශ්‍රීමාලී සෙනෙවිරත්න-
හදවතින් උතුරන
නෙත් අගින් දිදුලන
කිසිවකුට නොදෙමී
ඒ ආදරේ
දැවි දැවී හිනැහෙන
නිවි නිවී මතුවන
සංසාර බන්ධනේ
ඒ ආදරේ
ලං ලං ම වී හිදිනා
ආයේ ආයේ බැදෙනා
සිරගත සුසුම් පොදකි
ඒ ආදරේ
- ශ්‍රීමාලී සෙනෙවිරත්න-
කඳුළු මත තනිවී
සිටින විට තනිකමෙනී
කොයිසිට ආදැයි නොදනිමී
පෙර බැඳීමක් වෙන්නැතී
අසා දෙනුවන නොපියාම
මාගේ සිත තුටු වුනා බෝම
සෙමින් මගෙ වෙන නිසාම
ලොවම ලැබුණා වගෙයි සාම
අඬ දබර නම් ඇති තරම්
ඇසිල්ලෙන් යයි නැතිවී නම්
ආත්මෙන් බැඳි ප්‍රේමයන්
දමා නොයාවී ආලයන්
නිමක් නොවෙනා සාගරේ
අවාරෙක පිපි මලක් සේ
සදා රැකෙනා මා කෙරේ
මේක වෙන්නැති ආදරේ
-ShrimaliS-
මලානික සඳ බුබුළුවාවිත්
ප්‍රේමයේ දුනු හී අරන්
දිනක හමුවේවී සිතා නුඹ
සිතින් පෙම් බස් දොඩයි නම්
සඳ එළිය මත දහස් ගණනක්
නුඹ නමින් පෙම් කරයි නම්
හදවතක සිරවුන සෙනේ ඉවසා
දරයි ඈ නුඹ නමින්
නුඹෙ ළයේ දැවටී ගිලී
ශෘංගාර රස උතුරා ගියත්
සසර සරණා තුරාවට නුඹ
ඇගේ දැයි නොදනි ඈ නම්
සඳට පෙම් බැන්දේ එදා
ඒ තරු මලම මිස ඈ නොවෙත්
මෙදා තරුමල නුබේ අභියස
ප්‍රේමයේ ඇලලී ගොසින්
-2014-