Wednesday, 23 November 2022

ඉර

ඇයි මට දැනෙන්නේ ඔය ඇස් මගේ කියා 
ඇයි මට හැඟෙන්නේ ඔබ ආදරෙයි කියා 
බියක් නැගෙනවා හද පතුලෙන් 
ඔබ මගෙ වේවිදැයි සෑමදා

मुझे ऐसा क्यों लगता है कि ये आंखें मेरी हैं?
मुझे ऐसा क्यों लगता है कि तुम मुझसे प्यार करते हो?
डर दिल के नीचे से उठता है
क्या तुम हमेशा मेरे रहोगे?

-Shrimali Senevirathna-

 

Friday, 27 August 2021

ඒ ආදරේ....

 


හදවතින්  උතුරන 

නෙත් අගින් දිදුලන

කිසිවකුට නොදෙමී

ඒ ආදරේ


දැවි දැවී හිනැහෙන

නිවි නිවී මතුවන

සංසාර බන්ධනේ

ඒ ආදරේ


ලං ලං ම වී හිදිනා

ආයේ ආයේ බැදෙනා 

සිරගත සුසුම් පොදකි

ඒ ආදරේ


- ශ්‍රීමාලී සෙනෙවිරත්න-

Tuesday, 9 February 2021

මේක වෙන්නැති ආදරේ

 

කඳුළු  මත තනිවී

සිටින විට තනිකමෙනී

කොයිසිට ආදැයි නොදනිමී

පෙර බැඳීමක් වෙන්නැතී


අසා දෙනුවන නොපියාම

මාගේ සිත තුටු වුනා බෝම

සෙමින් මගෙ වෙන නිසාම

ලොවම ලැබුණා වගෙයි සාම


අඬ දබර නම් ඇති තරම්

ඇසිල්ලෙන් යයි නැතිවී නම්

ආත්මෙන් බැඳි ප්‍රේමයන්

දමා නොයාවී ආලයන්


නිමක් නොවෙනා සාගරේ

අවාරෙක පිපි මලක් සේ

සදා රැකෙනා මා කෙරේ  

මේක වෙන්නැති ආදරේ       



-ShrimaliS-  

Friday, 1 January 2021

ප්‍රේමයේ දුනු හී අරන්



මලානික සඳ බුබුළුවාවිත්

ප්‍රේමයේ දුනු හී අරන්

දිනක හමුවේවී සිතා නුඹ 

සිතින් පෙම් බස් දොඩයි නම්


සඳ එළිය මත දහස් ගණනක්

නුඹ නමින් පෙම් කරයි නම්

හදවතක සිරවුන සෙනේ ඉවසා

දරයි ඈ නුඹ නමින්


නුඹෙ ළයේ දැවටී ගිලී

ශෘංගාර රස උතුරා ගියත්

සසර සරණා තුරාවට නුඹ

ඇගේ දැයි නොදනි ඈ  නම්


සඳට පෙම් බැන්දේ එදා

ඒ තරු මලම මිස ඈ නොවෙත්

මෙදා තරුමල නුබේ අභියස

ප්‍රේමයේ ඇලලී ගොසින්


-2014-

Saturday, 12 December 2020

සසල විල නිසල විය


මැරි මැරී සසර තුළ

ඉපදෙනා වාරයක

අතරමං වී සිටිය 

කාලයක් නොවේ මෙය


කළණ මිතුදම දහම

අරිඇටැඟි මඟ නොවෙද

යොමා සිත බුදු සසුන

කසාවත පින්බරය


ඇලි ඇලී සිත් ගන්න

රාගයට ඉඩදෙන්න 

නොවේ සිත නිවා ඇත

සසල විල නිසල විය

Friday, 1 May 2020

           

   ඔබ එනතුරා

                    ඔබ එනතුරා මා
                    පාර බලා සිටියා
                    සත් සියක් සියපත් මතින්
                    නුඹ පියමණිනා තුරා
                    මා පාර බලා සිටියා

හොරෙන් බලා
නොදැක දැක එන දිහා
ඔබේ සුවඳින්
මෙ ගෙ පිරෙන තුරා
මා පාර බලා සිටියා
                                 ගව් ගණන් දුරින් හිඳ
                                 සුව විඳිනට ආලේ
                                 සිය දහස් වරක්
                                 පාර බලා සිටිනා
                                 යාමයකි රිදෙනා

අප වෙනුවෙන් කැපවෙන සියළු දෙනා සදා රැකේවා

Friday, 17 April 2020

මා රිදෙන බව............

                                      මා රිදෙන බව............




මා රිදෙන බව ඔබ දනී නම්
කිමද මේ සරදම්
රිදවන්න නම් ඇයිද ඒ හැඟුමන්
ඇයිද ඒ සරදම්


දුරින් පෙනෙනා මලකි නුබ මට
නමුදු ළඟමයි හිනැහෙනා
නෙළාගන්නට වරම් නැති වුව
ඔබේ සිත මට හිනැහුනා

අහිමි මලකට බඳින්නට පෙම්
අහින්සක මම සැනසුනා
ලැබුණි නම් මට බලාගන්නෙමි
රැජිණ කර සියපත් දරා

නමුත් ඔහු හා හිනැහෙනා ඔබ
දැකීමෙන් මා සැනසිලා
ඔබව හමුවූ ජීවිතයටම
ආදරෙයි මම සෑමදා