හදවතින් උතුරන
නෙත් අගින් දිදුලන
කිසිවකුට නොදෙමී
ඒ ආදරේ
දැවි දැවී හිනැහෙන
නිවි නිවී මතුවන
සංසාර බන්ධනේ
ලං ලං ම වී හිදිනා
ආයේ ආයේ බැදෙනා
සිරගත සුසුම් පොදකි
- ශ්‍රීමාලී සෙනෙවිරත්න-