මලානික සඳ බුබුළුවාවිත්
ප්‍රේමයේ දුනු හී අරන්
දිනක හමුවේවී සිතා නුඹ
සිතින් පෙම් බස් දොඩයි නම්
සඳ එළිය මත දහස් ගණනක්
නුඹ නමින් පෙම් කරයි නම්
හදවතක සිරවුන සෙනේ ඉවසා
දරයි ඈ නුඹ නමින්
නුඹෙ ළයේ දැවටී ගිලී
ශෘංගාර රස උතුරා ගියත්
සසර සරණා තුරාවට නුඹ
ඇගේ දැයි නොදනි ඈ නම්
සඳට පෙම් බැන්දේ එදා
ඒ තරු මලම මිස ඈ නොවෙත්
මෙදා තරුමල නුබේ අභියස
ප්‍රේමයේ ඇලලී ගොසින්
-2014-

Wow, great . Keep it up.
ReplyDeleteThank You
Delete